Friday, November 23, 2018

දෝවේ සැබෑ කතාව





දෝවේ සැබෑ කතාව



බණ්ඩාරවෙල නගරයට අයත් මෙම විහාරය වළගම්බා රජු දකුණු ඉන්දීය ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට සැඟව සිටි ස්ථානයක් ලෙස මෙය සැලකේ. සැඟව සිටි සමයෙහි තමනට ආරක්ෂාව සැලසූ සියළු ස්ථානයනට කෘත ගුණ සැලකීමක් වශයෙන් වළගම්බා රජු ඒ ඒ ස්ථානයන්හි බෞද්ධ සිද්ධස්ථාන ඉදිකලේය. ඒ අතුරින් දෝව රජ මහා විහාරය ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මන්ද යත්, එහි වන වළගම්බා රජු අතින්ම නිම වෙමින් පැවතුනු අඩි 38කට ආසන්න උසකින් යුත් ශෛලමය බුද්ධ ප්‍රථිමා වහන්සේ නිසාවෙනි. ඒ හැරුණු කොට රාවණ රජ සමයේ ඉදිව වළගම්බා රජුගේ භාවිතයට භාජනය වූ, ලෙන් විහාරය පිටුපස ගල් තලාව යටින් ඇරඹ ඇල්ල, 2කේ කණුව ප්‍රෙද්ශයෙහි වන රාවණා ගුහාව හරහා කරඳගොල්ලේ රක්ඛිතාකන්ද ලෙන් විහාරය වෙතත් සහ සෘජුවම බෝගොඩ රජ මහා විහාරය වෙතත් දිවෙන කිලෝමීටර 11කට ආසන්න දිගකින් යුත් උමං මාර්ග දෙකක ප්‍රධාන ද්වාරයද මෙහි දක්නට ඇත



1 comment:

  1. ගොඩාක් වැදගත් ලිපියක්.නොදන්නා කරුණු රාශියක් දැනගත්තා

    ReplyDelete